සූඩාන පැරා හමුදාව විරෝධතාවල නිරත වූ කාන්තාවන් 70ක් දූෂණය කරති

91

සුඩානයේ හමුදා පාලනයට එරෙහිව Freedom and Change නැමති සංවිධානය පසුගිය ඡුනි 03 දා සුඩාන අගනුවර වන කාර්ටුමිහි මහා වැඩ වර්ඡනයක් දියත් කලේය. එය පුරා දින 3 ක් පැවති අතර ඡෙනරාල් මොහමඩි හමාදාන් කා්රටූමි අගනුවර පිහිටි ඔහුගේ කාර්යාලයේ සිට, ඔහුගේ ඒකකය වන පැරාමිලිටරි ආධාරක බලකාය යවා, දහස් ගණනක් විරෝධතාකරුවන්ට පහර දී වෙඩිතබා දූෂණය කර කාර්ටුමි අවීචි මහ නරකාදියක් බවට පත්කලේය .

එහිදී මිය ගිය විරෝධතා කරුවන්ගේ ප්‍රමාණය 114 කි. කුවාල කරුවෝ අප්‍රමාණය. දැනට වාර්තාවී ඇති ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව 70 කි. රෝහල් ආරංචි මාර්ගවලට අනුව බෝහෝ දූෂණයට ලක්වූ කාන්තාවන් සමාඡමයම අපවාදයට බියෙන් ප්‍රතිකාර නොලබාම සිය නිවෙස් කරා ගොස් ඇත. සුඩානයේ. Royal Care hospital හි ආරංචි මාර්ග සදහන් කරන්නේ දූෂණයට ලක්වූවන් අට දෙනෙකුට – කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමින් තිදෙනෙකුට ප්‍රතිකාර කර ඇති බවයි. කාර්ටෝම් නගරයට දකුණින් පිහිටි දෙවන රෝහලකදී වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ එයට ස්ත්‍රී දූෂණ සිද්ධීන් දෙකක් ලැබී ඇති බවයි. සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුම සමාජ මාධ්‍යවලද මෙවැනි සිද්ධීන් විස්තර කර ඇත.

පළිගැනීම්වලට බියෙන්, නගරයේ අනාරක්‍ෂිතභාවයෙන් හෝ රැකවරණය සීමිත බැවින් බොහෝ වින්දිතයින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන නොමැත.

කාර්ටෝම් හි අන්තර්ජාලය කපා හැර ඇති අතර අනෙකුත් සන්නිවේදනයන් සැලකිය යුතු ලෙස සීමා කර ඇත.

Previous articleබුර්කාව, සාරිය සහ (ගැහැනුන්ගේ) සංස්කෘතිය
Next articleජනපති විරෝධය නොතකා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට රාජ්‍ය බුද්ධි ප්‍රධානියාත් කැඳවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here