උතුරේ බුදු පිළිම ගලවන්න රතන හිමි සූදානම් වෙයි

273

සිංහල දෙමළ සංහිඳියාවට බාධාවක්නම් පාරම්පරික හින්දු ප්‍රදේශ වල තිබෙන බුදු පිළිම ඉවත් කිරීමට තමන් පෙරමුණ ගන්නා බව අතුරළියේ රතන හිමියන් පවසයි. උන් වහස්සේ මේ බව සඳහන් කළේ බෞද්ධ-හින්දු සංසදය නම් සංවිධානයක් මගින් සිංහල භාෂාව ඉගැන්වූ දෙමළ සිසුන් පිරිසක් අමතමිනි.

එහිදී උන් වහන්සේ වැඩි දුරටත් පවසා සිටියේ එවැනි බුදු පිළිම ඇත්නම් ඒවා ඉවත් කිරීමට පොලිසිය අවශ්‍ය නැති බවත් ඒ සඳහා තමන් පෙරමුණ ගන්නා බවත්ය. එසේම මේ මොහොතේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිංහල සහ දෙමළ ජනතාව එක් විය යුතු බවත්, මුස්ලිම් ව්‍යාපාරිකයන් බිඳ වැට්ටවීමටනම් සිංහල-දෙමළ ඒකාබද්ධ වෙළඳ පෙරමුණක් බිහි කළ යුතු බවත් කියා සිටියේය.

මුස්ලිම් ජනතාව දෙමළ කාන්තාවන් අනූ දහසක් විවාහ කරගෙන ඉස්ලාම් ආගමට හරවාගෙන සිටින බවත් ඒ පිළිබඳ දෙමළ ජාතික සන්ධානය කිසිවක් නොකරන බවත් කියමින් බුදු පිළිම පමණක් නොව, තිබෙන සියලු බාධාවන් ඉවත් කරගෙන මුස්ලිම් ප්‍රජාව එරෙහිව සිංහල දෙමළ පෙරමුණක් සකස් කළ යුතු බව ද උන්වහස්සේ පවසා සිටියේ දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් විරෝධී කටයුතු වල නොයෙදීම සම්බන්ධයෙන් ඔවුන්ව විවේචනයට ද ලක් කරමිනි.

දින කිහිපයක් උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සංචාරකය යෙදීමෙන් අනතුරුව ජනාධිපති උපදේශක අතුරලියේ රතන හිමියන් මේ මුස්ලිම් විරෝධී ප්‍රකාශ සිදු කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකාව තුළ සිදු කෙරෙන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවට නිවේදනයක් ද නිකුත් කරමින් තිබියදීය.

Previous articleමානව හිමිකම් කඩා පාර්ලිමේන්තු කමිටුවටත් ගිය ‘සාරි චක්‍රලේඛය’ මෙන්න
Next articleජනාධිපතිට පිහියෙන් ඇන්න චූදිතයා නිදහස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here