පිබිදෙමු ‌පොළොන්නරු‌වේ ‌ගොඩනැගිලි කඩා වැටෙයි

පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ වසර හතරක් තිස්සේ ඉදි කොට ජනපති විසින් විවෘත කළ ඟුරක්ගොඩ බස් නැවතුම්පල පළමු මහළ පසුගිය 14 වන දින පස්වරුවේ කඩා වැටී තිබේ. මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2018 – 08 – 01 දා මහජන අයිතියට පවරන ලදී. රුපියල් මිලියන 100 ක් මේ සඳහා වෙන්කර ඇත. කඩා වැටුන පළමු මහළ ඉදිකර ඇත්තේ ජනාධිපතිවරයාට හිතවත් පෞද්ගලික කොන්ත්‍රාත් කරුවෙකු විසින් බව ප්‍රදේශවාසීහු කියති. පළමු මහළ කඩාවැටී ඇත්තේ ගුවන් හමුදාව විසින් එහි දෙවැනි මහළ ඉදිකරමින් සිටියදීය.

ගොඩනැඟිල්ල කඩාවැටීම සැළවූ සැණින් වහා එහි පැමිණි හිඟුරක්‌ගොඩ පොලීසිය මහජනතාව ඉවත්කොට එම ස්ථානය තහනම් ප්‍රදේශයක් බවට පත්කළේය.

පිබිදෙමු පොළොන්නරු වැඩසටහන සඳහා මෙතෙක් වැයකර ඇති මුදල රුපියල් කෝටි ලක්ෂයකට ආසන්න බව පොළොන්නරුව දිසාපති කාර්යාලය කියයි. සියළු ඉදිකිරීම් සඳහා ගල් වැලි පස් සි‌මෙන්ති යකඩ සහ ප්‍රවාහන සේවා ඇතුළු සියල්ල සපයනු ලබන්නේ ජනාධිපතිවරයාගේ සොහොයුරන් විසින් බවට ද මේ වන විට චෝදනා එල්ල වී ඇත.

Leave A Reply

Your email address will not be published.

thirteen − 11 =