බෝගම්බර ප්‍රධාන ජේලර්වරයා ඇතුළු රැඳවියන් 26 කට කොරෝනා
බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පැරණි මගින් බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථනයේ ප්‍රධාන ජේලර්වරයාට ඇතුළු රැඳවියන් 26 දෙනෙකුට කොවිඩ්- 19 වයිරසය ආසාදනය වී ඇති බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.
තහවුරු වීමත් සමඟ ප්‍රධාන ජේලර්වරයා තෙල්දෙණිය විශේෂ කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත ප්‍රතිකාර සඳහා යවා ඇති බවත් රැඳවූවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පවසයි.
පැරිණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරී සඳහා යොදවා සිටි රැඳවියන් 182 නෙකුට සහ නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසයි.