කොළඹ කිංග්ස් පරදා දඹුල්ල වයිකින්ස්ට ලකුණු 28 ක ජයක්

ලංකන් ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලි⁣යේ 7 වැනි තරගය කොළඹ කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර අද (01) හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරඟයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය.

මුලින් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ස් පිල ලකුණු 176 ක් ලබා ගත් අතර එම ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම ඕවර 18.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවි ලකුණු 175 ක් ලබාගත්තේය.

මුලින් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ස් පිල – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 175
(දසුන් ශානක 56, උපුල් තරංග 25, සමීට් පටේල් 30, ඇන්ජලෝ පෙරේරා 21, රසල් 18/3, ඉසුරු උදාන 25/2, දුෂ්මන්ත චමීර 27/2)

කොළඹ කිංග්ස් පිල – ඕවර 18.4 කදී සියලු දෙනා දැවි 147
(ලෝරි එවන්ස් 59, ක්වායිස් අහමඩ් 14, දුෂ්මන්ත චමීර 17, අන්වර් අලී 17/2 සචිඳු කොළඹගේ 28/2, සමීට් පටේල් 30/2, පුලින තරංග 31/2

Leave A Reply

Your email address will not be published.

three × 5 =