අසාදිතයින් 487යි. මියගිය ගණන 2යි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 487ක් අද (28) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එම සියලුම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි පැවසෙන්නේ.
ඒ අතර තවත් කොවිඩ් රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
එම දෙදෙනාත් සමඟ මෙරටදී මියගිය කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 109කි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 96 හැවිරිදි කාන්තාවකි.