රටගිය අය ගෙන්න ආණ්ඩුවට NGO සහය

කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය නිසා මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රී ලංකික සේවකයින් ආරක්ෂිතව යළි ගෙන්වා ගැනීමට ස්විස්ටර්ලන්තය සහ සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ (International Organization for Migration – IOM) සහය මෙරට ට හිමිව තිබේ.

ඒ සමඟම මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ට සිදුකරන PCR සංඛ්‍යාව වැඩි කිරීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාපිත කිරීමට නවීන තාක්ෂණයෙන් යුතු ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 39,000ක් ස්ථාපිත කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි එම අවස්ථාවට එක්වෙමින් පැවසුවේ මෙරට කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර ව්‍යාපෘති රැසක් සඳහා ස්විස්ටර්ලන්ත රජයේ සහයෝගය ලබාදී ඇති බව යි. දෙරට අතර සහයෝගීතාව දීර්ඝකාලීනව තවදුරටත් පවත්වාගෙන යෑමට මෙය ප්‍රධාන පිටුවහලක් වනු ඇති බව අය මෙහිදී පැවසුවා ය.

පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු මෙම ස්වයංක්‍රීය PCR පරික්ෂණ යන්ත්‍රය මගින් දිනකට පරීක්ෂණ 1300ක් පමණ සිදුකළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පැය තුනක් වැනි කෙටි කාලයක් ඊට ගතවන අතර මෙමගින් පරීක්ෂණ ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි ඔවුහු විශ්වාසය පළකරති.

Leave A Reply

Your email address will not be published.

19 − seven =