‘ලයන් බියර්’ ලාභයි – පාඩුයි

2020/21 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ දී සිය සමාගමේ ලාභය පෙර මූල්‍ය වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදයට සාපේක්ෂව 32%කින් පහළ ගොස් ඇති බව ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම ප්‍රකාශ කරයි. 2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා නවතම මූල්‍ය වාර්තා නිකුත් කරමින් එම සමාගම පවසන්නේ සාමාන්‍යයෙන් වැඩි ඉල්ලුමක් පවතින අප්‍රේල් උත්සව සමයේ දී කොවිඩ්-19 වෛරස් තත්ත්වය හේතුවෙන් පැවති ඇඳිරි නීති වාතාවරණය නිසා තම සමාගමේ කාර්යසාධනයට බලපෑමක් එල්ල වූ බවයි. මේ හේතුව නිසා 2020/21 පළමු භාගයේ දී සිය ආදායමේ 11% ක පහළ යාමක් සිදුව තිබෙන බව ඔවුහු පවසති.

ලයන් බෘෘවරි සමාගමේ දේශීය වෙළෙඳපොළට එලෙස බලපෑම් එල්ල වුවද, මෙම කාලය තුළ සිය අපනයනවල කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවයි සමාගම පවසන්නේ. වර්තමානයේ දී ලයන් බියර් සිය නිෂ්පාදිත රටවල් 25කට අපනයනය කරයි. වසරේ පළමු භාගය තුළ දී අපනයනය කරන ලද බියර් පරිමාව 19% කින් ඉහල ගොස් ඇත්තේ ඉන් උපයින ලාභය 32% කින් වැඩි වීමෙනි. ලයන් බියර් අපනයන සඳහා සැලකිය යුතු පරිමාණයේ වෙළෙඳපොළ අයත් වන්නේ මාලදිවයින යි. එරට සංචාරක කර්මාන්තයේ පසුබෑමක් පෙන්නුම් කළද සිය අපනයන අංශය මෙලෙස සාර්ථකව වාර්තා කර තිබීම සුවිශේෂී බව සමාගම පවසයි.

Leave A Reply

Your email address will not be published.

three × 4 =