මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 8 ක් ආසාදිතයි

මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකුට හා තවත් හෙද නිලධාරිනියන් 07 දෙනෙකු ඇතුලු කාර්‍ය මණ්ඩලයේ 8 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබෙන බව මහනුවර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකාව පවසයි.

දැනට මහනුවර ජාතික රෝහලේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇති සංඛ්‍යාව 18 ක් වේ.

පසුගිය 26 දින අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමේදි උගුර, කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වි ඇති බව තහවුරු වී ඇත. නැවත ඊයේ (27) එම අංශයේ නිලධාරින් පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව මොවුන් ආසාදිතයන් බව තහවුරු වී ඇත. මේ වනවිට එම අංශයේ සමීපතයින් ඇතුලු සියලුම අය අද (28) දිනයේ පීසීආර් පරීක්ෂණ වලට ලක් කරමින් සිටින බව ද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකාව පවසයි.

මෙම කෝවිඩ් ආසාදිත කාර්ය මණ්ඩලයේ අය තෙල්දෙනිය රෝහල වෙත ප්‍රථිකාර සඳහා යවා තිබේ. මේ අතර රෝහල් බලධාරීන් පවසන්නේ මහනුවර ජාතික රෝහලට අත්‍යවශ්‍ය කාරණයකට හැර සුළු අසනීප වලට ප්‍රතිකාර ලබා ගැනීමට මෙම රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි.

Leave A Reply

Your email address will not be published.

14 − seven =