ඌව වෙල්ලස්සේ ගොවි ජනතාව භුක්ති විඳින ඉඩම් සදහා ස්ථිර බෝග වගාවට නව ව්‍යාපෘතියක් ආරම්භ වේ

මේ ප්‍රදේශවල ගොවි ජනතාව භුක්ති විඳින තමන්ගේ ඉඩම් කෙටි කාලීන බෝග වගාව ට අමතරව දීර්ඝකාලීන ස්ථිර බෝග වගාවකට යොමු කිරීමෙන් නව ව්‍යාපෘතියක් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ මැදිහත්වීමෙන් ආරම්භ කිරීමේ පළමු සාකච්ඡාව නොවැම්බර් මස 26 වන දින දෙහිගමදි සිදු කරනු ලැබීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම ප්‍රදේශ හා නිර්දේශ කොට ඇති පොල්, රඹුටන්, ගම්මිරිස්, අඹ , අන්නාසි , කුරුඳු , රබර්, දෙහි දොඩම් ඇතුළු ස්ථිර ගෙවතු වගා ව්‍යාපෘතියක් මේ මහ කන්නය තුලම ආරම්භ කිරීමට මෙහිදී තීන්දු කරනු ලැබීය.

ඌව වෙල්ලස්ස බින්තැන්න පළාත් වලින් අක්කර 65000 ක් බහුජාතික සමාගමක් සඳහා මහා පරිමාණ වගාවකට ලබාදීමට 2006 වසරේ සිට මේ දක්වා පැවැති සෑම ආණ්ඩුවක් ම බලවත් උත්සාහයක් ගනු ලැබීය. එයින් සිදුවන පරිසර හානිය සහ ජනතාවට මුහුණදීමට සිදුවන ගැටලු වැලැක්වීම සඳහා  2006 වසරේ සිට ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ දැවැන්ත සටන් ක්‍රියාමාර්ග දියත් කරනු ලැබූ අතර මේ දක්වා එම ඉඩම් ආරක්ෂා වී තිබීමට එයද හේතුවක් වී තිබේ. එසේ ඇති වුණු විරෝධතා හේතුවෙන් මේ වන විට පැමිණි බහුජාතික සමාගම් හතරක් ආපසු හරවා එම රටවල්වලට යැවීමට ඔවුන් සමත් වී ඇත.

මෙම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ එම ප්‍රදේශය තුළ තිබෙන, දැනට ගොවි ජනතාව භුක්ති විඳින ඉඩම් කේන්ද්‍ර කර ගනිමිනි. මේ මොහොතට ව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතාත්, මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන දායකත්වය සපයන චින්තක රාජපක්ෂ හා සජීව චාමිකර මහත්වරුන් ඇතුළු පිරිසක් ද ගම්වැසියන් පිරිසක් ද සහභාගී විය.

 

Leave A Reply

Your email address will not be published.

two + 2 =