සහරාන් සම්පුර්ණයෙන්ම සහයෝගය දුන්නේ මෛත‍්‍රීට-හිස්බුල්ලාගෙන් ප්‍රකාශයක්

25

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු‍ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් පවසා සිටියේ, 2015 ජනාධිපතිවරණයේ දී තමා මහින්ද රාජපක්ෂට සහය ලබා දුන් බවත් සහරාන් සම්පූර්ණයෙන් මෛත්‍රීපාල සිරිසේනට සහය දුන් බවත්ය.

2015 දී පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා අවසන් වු විට සහරාන් ඔහුගේ කාර්යලයට එන්න ආරාධනා කළ බවත් පැවසු හිස්බුල්ලා ඔහු එවකට දේශපාලනික වශයෙන් තමා ඇතුළු මුස්ලිම් දේශපාලඥයින්ට කථා කර බවද කියා සිටියේය.

සහරාන් එවකට ජාතික තව්හිද් ජමාද් නැමති සංවිධානය පිහිටුවා ගනිමින් ආගමික මතවාදියෙක් ලෙස කටයුතු කළ බවත්, ඔහු ඒ කාලයේ ත්‍රස්තවාදියෙක් නොවන බවත් හිස්බුල්ලා පැවසීය.

ඡන්ද ලබා ගැනීමට අවැසි නිසා ඔහුගේ කොන්දේසිවලට එකඟතාවය දැක්වු බවත් පැවසු හිස්බුල්ලා, පසුව එම කොන්දේසි කඩ කිරිම හේතුවෙන් තමා සමඟ සහරාන් විරසක වු බව ද කියා සිටියේය.

රැස්වීම්වල සිංදු දාන්න බෑ, කාන්තාවන්ට හා පිරිමින්ට එක්ව රැළිවලට සහභාගි වීමට නොහැකිය යන කොන්දේසිවලට තමා අකමැති වු බව ද පැවසු හිස්බුල්ලා, ඒ නිසා ඡන්ද 2000 කින් පමණ තමාව සහරාන් පැරදවූ බව ද පැවසීය.

Previous articleගිනි තියන දනෝ කෙලසති මනු දම්
Next articleපාර්ලිමේන්තුව විසුරුවන්න ජනමත විචාරණයක්…?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here