යුරෝපා සංගමයෙන් ලංකාවට රතු එළියක්

ශ්‍රී ලංකාව තුල මුස්ලිම් ජනතාව ඉලක්ක කර සිදුවන දේශපාලනික බලපෑම් මත සාමය හා සංහිඳියාව අනතුරේ වැටීම ගැන තම දැඩි අවධානය යොමුව ඇතැයි යුරෝපා සංගමය සදහන් කරයි.

සත්‍ය තහවුරු නොකරන ලද අගතිගාමී තොරතුරු මාධ්‍ය විසින් දිගටම ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වන බවද ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි. සියලු ප්‍රජාවන් අතර සාමකාමී සහ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන සියලු ශ්‍රී ලාංකිකයින්ට සහයෝගය ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.

එකිනෙකා අතර ගරුත්වය, සාධාරණත්වය ඇති කිරීමට සහ විශ්වාසය හෝ ජනවර්ගය යන සාධක වලින් තොරව සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලන නායකයින්ගෙන් තරයේ ඉල්ලා සිටින බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ඊයේ දිනයේදී අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් බව ද ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය. නෙදර්ලන්තය, රුමේනියාව, ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ යන තානාපති කාර්යාල ද එක්සත් රාජධානී මහ කොමසාරිස් කාර්යාලයේ ද එකඟතාව මත මෙම නිවේදනය නිකුත් කර ඇත.

Leave A Reply

Your email address will not be published.

fourteen − 1 =