තවත් මරණ 4ක්

ඊයේ (22) දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 4ක් සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කරයි. එම පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 87කි.

  1. කොළඹ – 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනවිට මියගොස් ඇත. මරණය වී ඇත්තේ නොවැම්බර් 21 වනදා ය. මරණයට හේතුව කොවිඩ් 19 නිව්මෝනියා තත්ත්වයයි.
  2. කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළු කරන අවස්ථාවේදී මියගොස් ඇත. මරණය වී ඇත්තේ නොවැම්බර් 20 වනදා ය. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත පෙනහළු රෝගයක් කොවිඩ් 19 හේතුවෙන් උත්සන්න වීම ය.
  3. බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවකි. නිවසේදී මියගොස් ඇත. මරණය වී ඇත්තේ නොවැම්බර් 21 වනදා ය. මරණයට හේතුව කොවිඩ් -19 සමග ඇතිවූ නිව්මෝනියා තත්ත්වයයි .
  4. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ සිට IDH රෝහල වෙත ඒවා ඇත. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී නොවැම්බර් 22 දින මියගොස් ඇත. මරණයට හේතුව කොවිඩ් 19 ආසාදනය සමග ඇතිවූ නිව්මෝනියා තත්ත්වයයි.

මෙරට කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියේ දෙවැනි රැල්ල ඇතිවීමෙන් පසු මේ දක්වා මියගිය ගණන 74කි. ඉන් බහුතරය කොළඹ නගර සීමාවේ පදිංචිකරුවන් වීම විශේෂකි.

Leave A Reply

Your email address will not be published.

17 − fifteen =