තවත් 391ක් ආසාදිතයි

ඊයේ දිනයේදී කොවිඩ් 19 ආසාදිතයින් 391 දෙනෙකු හඳුනාගෙන තිබේ. මුලින් කොවිඩ් ආසාදිතයින් 175 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසු අතර අනතුරුව යලිත් 216 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව ඊයේ (22) දිනය තුළදී මේ දක්වා වාර්තාවන කොවිඩ් 19 ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 391කි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවූ ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බවයි හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

එම පිරිසත් සමඟ මේ දක්වා මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 16,643කි.

ඒ පිරිසත් සමඟ කොවිඩ් 19 ආසාදිතයන් මෙරටින් වාර්තා වූ පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී හමුවී ඇති සමස්ථ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 20,171කි. ඉන් 14,069 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඇති අතර මේ වනවිට තව දුරටත් 6,015 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති.

Leave A Reply

Your email address will not be published.

one × five =