IDH රෝහලෙන් අතුරුදහන් කාන්තාව සොයාගනියි

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පළාගිය බව සඳහන් වන කොවිඩ් 19  ආසාදිත කාන්තාව  ඊයේ (21)ඇහැළියගොඩ දී සොයාගෙන ඇති බව වාර්තා වේ.  ඒ ඇහැලියගොඩ ප්‍රදෙශයේ පිහිටි සිඳුරංගල කැලෑබඳ ප්‍රදේශයකදී යි. ගම්වාසීන් විසින් ඇය සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මෙම කාන්තාව, එම රෝහලේම නේවාසිකව සිටි  සිය වයස අවුරුදු දෙකක් පමණ වන  දරුවාද සමඟ නොදන්වා රෝහලෙන් පිටව ගොස් තිබුණේ පසුගිය 19 දින රාත්‍රියේ ය.

පසුගිය 20වන දින ඇයගේ දරුවා සොයා ගැණුනේ ඇහැලියගොඩ ප්‍රදේශයේ ඇයගේ ඥාතීන් සමග සිටියදී ය.

Leave A Reply

Your email address will not be published.

4 × five =