එකවර කොවිඩ් මරණ 9 ක් තහවුරු වෙයි

මෙරට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් නම දෙනකු අද (21) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මෙම මියගිය පුද්ගලයන් අවුරුදු 48, 69, 75 සහ 76 යන වයසේ පසුවන කාන්තාවන් සිවුදෙනෙක් සහ අවුරුදු 57, 65, 89, 72 සහ 76 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් පස්දෙනෙක් වෙයි.

මෙම මරණ 9 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍

මෙම මියගිය 9 දෙනාගේ පදිංචි පළාත් ලෙස කොළඹ 02, වැල්ලම්පිටිය දෙදෙනෙක් , දෙමටගොඩ, කොළඹ 10 ප්‍රදේශයේ දෙදෙනෙක්, කොළඹ 13, වැල්ලවත්ත, සහ කොළඹ පෞද්ගලික රෝහලක සිට IDH රෝහලට යවා ඇති තවත් අයෙකුගේ පදිංචිය වාර්තා වී නොමැත.

 

 

Leave A Reply

Your email address will not be published.

eleven − 4 =