නව කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක්

නව කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතී යැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටින්නේ ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

එක් සේවකයෙක් හෝ කිහිපදෙනෙක් මුලින් ආසාදිත වීමෙන් අනතුරුව එම ආයතනය තුළ සේවයේ නියුතු සෙසු කාර්ය මණ්ඩලය අතර වෛරසය විශාල ලෙස පැතිරීම දැකිය හැකි බවයි ඔහු පවසන්නේ. මේ මොහොත වන විට තවත් ස්ථාන කිහිපයක මේ අකාරයේ පොකුරු නිර්මාණය වීම අත්දකින බවයි ඔහු පවසන්නේ. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා පොලීසිය තුළ, බන්ධනාගාර තුළ, නාවික හමුදාව ස්ථාන තුළ දී මේ පොකුරු තත්වය වූ බව වෛද්‍ය සුදත් සමරවීර පවසයි. මෙය බලාපොරොත්තු විය හැකි දෙයක් වන අතර යම් අවස්ථාවක එවැනි ආයතනයක් තුළ එක් රෝගියෙක්ට ආසාදනය වීම තුළින් එය තවත් අයට පැතිරීමේ හැකියාව තිබෙන බව ඔහු සඳහන් කරයි. එවැනි අවස්ථාවක නිරෝධායනය කිරීමට විශාල පිරිසක් මතුවන නිසා තමන්ගේ ආයතනය තුළ පොකුරක් නිර්මාණය වීම වළක්වා ගැනීම සඳහා ආයතන ප්‍රධානීන්ට, කාර්ය මණ්ඩලයට හා ආයතනයට පැමිණෙන අයට විශාල වගකීමක් ඇතිබව වසංගත රෝග විද්‍යාඥ විශේෂඥවරයා පවසයි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, දිවයින පුරා රසායනාගාර 25 ක මේ වන විට PCR පරීක්ෂණ සිදුකෙරෙන බවයි. මෙයින් 14ක් රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන ආයතනවල රසායනාගාර ස්ථාපිත ව තිබේ. තවත් රසායනාගාර දෙකක් කොතලාවල ආරක්ෂක පීඨයේ හා කොතලාවල යුද හමුදා රෝහලෙත් පිහිටා ඇත. විශ්වවිද්‍යාල 4ක PCR පරීක්ෂණ සඳහා පහසුකම් ස්ථාපිත යි. රජයේ යටතේ ඇති ආයතන 20ක PCR පරීක්ෂණ සිදුවෙන අතර පෞද්ගලික ආයතන 5ක මේ වන විට PCR පරීක්ෂණ සිදුවෙමින් පවතින බව වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

ඊයේ දිනයේ දී පමණක් එම ආයතන සියල්ලේමPCR පරීක්ෂණ 11,398 ක් සිදුකර ඇත.

Leave A Reply

Your email address will not be published.

4 × one =