“ප්‍රභූ ආරක්‍ෂකයින් තම ප්‍රභූවරයාගේ සෞඛ්‍ය ආරක්‍ෂාව ගැනත් බැලිය යුතුයි”

ප්‍රභූ ආරක්‍ෂකයින් තමන්ගේත් ප්‍රභූවරයාගේ සෞඛ්‍ය ආරක්‍ෂාව ගැන අවධානය යොමුකළ යුතුයැයි වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

ප්‍රභූ ආරක්ෂකයන් ලෙස පෙරගමන්, පසු ගමන් හා සමීප රාජකාරි කරන සියලුදෙනා සෞඛ්‍ය ආරක්ෂිතව සිටීමට වග බලාගතයුතු බවට වැඩ බලන පොලිස්පති සී.ඩි වික්‍රමරත්න නියෝග කර ඇත.

කොරොනා වසංගතය හමුවේ ප්‍රභූවරයාගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම උදෙසා වැඩ බලන පොලිස්පතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

සියලු නිලාධාරීන් මේ පිලිබදව දැනුම්වත් කරන්නැයි ප්‍රභූ ආරක්‍ෂක කොට්ඨශය භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.

පොලිස් නිලාධාරීන් විශේෂ කාර්යය බලකා නිලාධාරීන් විශාල පිරිසක් කොවිඩ් ආසාධිතයන් වීම මත පොලිස්පතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

විවිධ ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවනු ලබන පෙර හා පසු ආරක්‍ෂක රාජකාරී නියුතු නිලධරයන් ප්‍රභූවරයා සමග ඉතා සමීපව රාජකාරී යොදවනු ලැබෙන බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව තහවුරු වන පරිදි නිරන්තරයෙන් හැසිරිය යුතුය යන්න එම නියෝගයේ දැක්වේ.

නිලධාරින් ප්‍රභූවරයා සමග සංචාරයේ යෙදෙන අවස්ථාවේදී සහ විවේකීව සිටින අවස්ථාවලදී අනෙකුත් ආරක්‍ෂක අංශ හෝ වෙනත් බාහිර පාර්ශවයන් සමග සම්බන්ධ නොවිය යුතු බව ද දැනුම් දී ඇත.

ප්‍රභූවරයා යම් කටයුත්තක නියැලෙන අවස්ථාවක දී ඔවුන් එම ස්ථානයේ සුදුසු ආරක්‍ෂිත ස්ථානයක අන් අයගෙන් වෙන්වී වෙනම ස්ථානගත විය යුතු බවත් වෙනත් කිසිදු බාහිර පාර්ශවයක් සමග නොගැටිය යුතු බවත් වැඩ බලන පොලිස්පතිවරයා දැනුම් දී තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

nineteen + twenty =