ආණ්ඩුවේ උදවිය ටයිටනික් බෑන්ඩ් එක වගේ

මේ වනවිට අප රටේ ආර්ථිකය පංචවිධ අර්බුදයකට මුහුණදී සිටින බවත් වර්ථමාන ආණ්ඩුව එම අර්බුද විසඳනවා වෙනුවට ටයිටැනික් නැව ගිලීයනතුරු එහි බෑන්ඩ් කණ්ඩායම බෑන්ඩ් ගැහුවා සේ ක්‍රියාකමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර  දිසානායක අද (21) පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක් වෙමින් පැවසුවේ ය.

රටේ නිෂ්පාදන කඩාවැටීම, රාජ්‍ය ආදායම හීනවීම, ගෙවුම්ශේෂ අර්බුදය, ණය අර්බුදය සහ රටේ ජාතික ආදායම බෙදීයාමේ විශමතාවය ලෙස රට මුහුණදී තිබෙන සමස්ත අර්බුදය සංඛ්‍යා දත්ත සහිතව හෙළිදරව් කරමින් ඔහු පැවසුවේ හරියටම පැය තුනකට ආසන්න කාලයක් ටයිටැනික් නෞකාව ගිලීයනතුරු එහි සංගීත කණ්ඩායම සංගීතය සැපයූවාසේම වර්තමාන ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවයි.  ඒ හැර අන් කිසිඳු ප්‍රයෝගික වැඩපිළිවෙලක් මෙම අයවැයෙන්  ඉදිරිපත් කර නැති බව ඔහු අවධාරණය කළේය.

 

Leave A Reply

Your email address will not be published.

nineteen + 3 =