සෞදි ගුවන් තොටුපොලකට මිසයිල ප්‍රහාරයක්

237

සෞදි අරාබියේ ගුවන්තොටුපොළක් වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 26 දෙනෙක් තුවාල ලබා තිබේ. එම ප්‍රහාරය යේමනයේ හවුති කැරළිකරුවන් විසින් එල්ල කරන ලද බව සෞදි අරාබියේ රාජ්‍ය මාධ්‍ය පවසති.

යේමන දේශසීමාවට කිලෝමීටර් 200ක් පමණ උතුරින් පිහිටි අභා නමින් හැඳින්වෙන එම ගුවන්තොටුපොළට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව එරට හමුදා ප්‍රකාශකයෙක් උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසයි.

තමන් ඉලක්ක කළ ස්ථානයටම ප්‍රහාරය එල්ල වූ බව කැරළිකරුවන් පවසා තිබෙන බව එම මාධ්‍ය වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.

Previous articleඅයි.එස්.අයි.එස් සිතිවිල්ල මුලින්ම ආවේ අලුත්ගම සිදුවීමෙන් පසුවයි – රිස්වි මවුලවිතුමා පවසයි
Next articleමධුමාධව අත්අඩංගුවට ගන්න ඕනේ නෑ – නීතිපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here