මහා බැංකු අධිපති නිරෝධායනයේ

කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා බැංකු ආපනශාලා සේවකෙයකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ හඳුනාගැනීමත් සමඟම මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් ඇතුළු පිරිසගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලු දෙනාම ආසාදිතයින් නොවන බව තහවුරු වී ඇතැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශකයා සඳහන් කළේය.

කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් වැඩිම පිරිසක් ඊයේ (20) දිනයේත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඊයේ(20) දිනය තුළ පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 දෙනෙකු වාර්තා වී ඇත.

Leave A Reply

Your email address will not be published.

nineteen + 19 =