ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ් ආසාදිතයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වැඩිමහල් පුතු ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වනවිට ඔහු ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඔහුට සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයි පැවසෙන්නේ.

“සතිය ආරම්භයේ දී ඩොන් ධනාත්මක බව පරීක්‍ෂා කළා. ඒ ප්‍රතිඵලයෙන් පස්සේ ඔහු නිරෝධායනය කරනවා. ඔහු මේ වන විට සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ නොමැති වුවත් වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශිත කොවිඩ් -19 මාර්ගෝපදේශ අනුගමනය කරනවා” යයි මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහුගේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.

මිට පෙර ජනාධිපති ට්‍රම්ප් විනිසුරු ඇමී කෝනි බැරට් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කිරීම සැමරීම ගැන සඳහන් කරමින් එක්සත් ජනපද ඉහළ සෞඛ්‍ය විශේෂඥයෙකු වන ඇන්තනි ෆවුසි “සැප්තැම්බර් මාසයේ ධවල මන්දිරය ‘සුපිරි ව්‍යාප්ත කිරීමේ’ උත්සවයක්” පැවැත්වූ බවට චෝදනා කළේය.

ට්‍රම්ප් ජූනියර් ද ඔහුගේ පියා මෙන්ම වසංගතය අවතක්සේරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆොක්ස් නිවුස් සමඟ මෑතකදී කළ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ එක්සත් ජනපදයේ සහ ලෝකයේ වෙනත් රටවල වෛරසය පැතිර යද්දී පවා කොවිඩ් -19 මරණ ‘කිසිවක් නැති’ බවයි.

මීට පෙර ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් ආසාදිත බවට තහවුරු විය. අනතුරුව ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට හා ඔවුන්ගේ බාල පුත්‍රයාට ද වෛරසය ආසාදනය වී තිබුණි.

Leave A Reply

Your email address will not be published.

two × 4 =