ක්‍රිකට් ගහන්න අවුරුදු 15ක් ඕනේ

මෙතැන් පටන් ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාවක් ප්‍රකාශයට පත්කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර  තිබේ.

එම අවම වයස අවුරුදු 15 ක් විය යුතු බව ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබේ.

ICC ඉසව්, ද්විපාර්ශ්වික ක්‍රිකට් සහ 19 පහළ ක්‍රිකට් ඇතුළු සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට අදාළ වනසේ යෝජිත මෙම නීතිය ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ගෙන ආ බවයි ICCය පවසන්නේ.  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිමි, කාන්තා ක්‍රිකට් සඳහා මේ නීතිය ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, සුවිශේෂී තත්වයන් යටතේ, වයස අවුරුදු 15 ට අඩු ක්‍රීඩකයෙකුට අදාළ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ දීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අයදුම් කළ හැකිය.

“සුවිශේෂී අවස්ථාවන්හිදී, වයස අවුරුදු 15 ට අඩු ක්‍රීඩකයෙකුට ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සාමාජික රටවලට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අයදුම් කළ හැකියි. ක්‍රීඩකයාගේ ක්‍රීඩා පළපුරුද්ද සහ මානසික සංවර්ධනය සහ යහපැවැත්ම පෙන්නුම් කිරීමට හැකියාව ඇති බව පෙන්නුම් කරන ස්ථානයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය. අපි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉල්ලීම් සමඟයි මේ තීන්දුව ගනුලබුවේ” යයි මේ පිළිබඳව ICC පවසයි.

මීට පෙර කිසිදු ආකාරයක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවක් කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වයස අදාළ නොවිය.

හසන් රාසා

1996 සිට 2005 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 7 ක් සහ එක්දින තරග 16 කට ක්‍රීඩා කර ඇති පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩකයා ය. එලෙස වාර්තා තබා ඇති දකුණත් පිතිකරු හසන් රාසා ටෙස්ට් තරගයට පිවිසියේ වයස අවුරුදු 14 සහ දින 227 දී ය. ඒ 1996 දී සිම්බාබ්වේට එරෙහිව හසන් මුහුණ දුන් පළමු තරගයේ දී ය.

සජ්ජිඩා ෂා

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සජ්ජිඩා ෂා ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාවයි. ඇය 2000 දී වයස අවුරුදු 12 දින 178 දී අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කරමින් සිටියදී සිය වාර්තාව තබන්නී ය.

Leave A Reply

Your email address will not be published.

eleven + nine =