LPL- මාලිංග බැහැ කියයි. දෙදෙනෙකුටත් කොවිඩ්

ලසිත් මාලිංග LPL තරඟාවලියට සහභාගී නොවන බව වාර්තා වේ. මාලිංග ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන දේශීය ක්‍රීඩකයා ය.

මාලිංග සඳහන් කර ඇත්තේ තමාට තරඟාවලිය සඳහා සූදානම්වීමට ප්‍රමාණවත් කාලයක් නොමැතිවීම හේතුවෙන් තරගාවලියට එක් නොවන බවයි. මේ වසරේ පැවැති කොදෙව් තරඟාවලියෙන් පසු ක්‍රීඩාවට යොමුවීමට අවස්ථාවක් නොලැබුණු බවත්, ඉන් පසුව කිසිදු පුහුණුවීමක නිරතවීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවත් ඔහු පවසයි. මෙවැනි ඉහලම මට්ටමේ තරගාවලියක් සඳහා පුහුණුවක් නොමැතිව සහභාගීවීම පන්දු යවන්නෙකුට පහසු දෙයක් නොවන බව සිය ඉවත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලසිත් මාලිංග කියා තිබේ.

මේවන විට LPL තරඟාවලියට සහභාගීවීමට එකඟව සිටි පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මේවන විට කොවිඩ් – 19 ආසාදනයවීම මෙන්ම තරඟාවලියේදී වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තරඟාවලියෙන් ඉවත්වීමද සිදුව තිබේ. තරඟාවලිය සඳහා සහභාගීවීමට පැමිණි කැනඩාවේ රවීන්දර්පාල් සිංට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.

රවීන්දර්පාල් සිං
සොහෙල් තන්වීර්

කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තුව සිටි රවීන්දර්පාල් සිං සමඟ බටහිර ඉන්දීය ක්‍රීඩක අන්ද්‍රේ රසල්ද එම ගුවන් යානයේම දිවයිනට පැමිණි ඇති බැවින් මේවන විට ඔහු නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ. මීට අමතරව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන පාකිස්තානු ක්‍රීඩක සොහෙල් තන්වීර්ටත් කොවිඩ් ආසාදනය වී ඇති  බව පැවසේ.

Leave A Reply

Your email address will not be published.

five × 5 =