අයි.එස්.අයි.එස් සිතිවිල්ල මුලින්ම ආවේ අලුත්ගම සිදුවීමෙන් පසුවයි – රිස්වි මවුලවිතුමා පවසයි

136

පළමු වරට ISIS සංවිධානය පිළිබඳ සිතිවිලි ශ්‍රී ලංකාවට ඇතුළු වූයේ අලුත්ගම ඇති වූ කලහකාරී සිදුවීම්වලින් පසුව බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම් අයි එම් රිස්වි මවුලවිතුමා පවසයි.

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ ජුනි 11 වන දින සාක්ෂි ලබා දුන් මවුලවිතුමා, ශ්‍රී ලංකාව තුළ හලාල් සහතික නිකුත් කිරීම නව හඳුන්වා දීමක් බව ද පැවසීය.

2019 ජනවාරි මාසයේ දී සහරාන් සම්බන්ධව CD තැටියක් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට භාර දුන් බව ද රිස්වි මවුලවිතුමා පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ එම CD තැටිය භාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳව කිසියම් ක්‍රියා මාර්ගයක් ගත්තේ දැයි එවකට ආරක්ෂක ලේකම්වරයා තමන් දැනුවත් නොකළ බවය.

BBC

Previous articleඉරිදා ලක්බිමත් වසා දමයි
Next articleසෞදි ගුවන් තොටුපොලකට මිසයිල ප්‍රහාරයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here