ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ අද කොළඹදී

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක අද (21) දිනයේ දී ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ(Immediate antibody tests)

1000ක් සිදුකිරීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදී දිනුකා ගුරුගේ ප්‍රකාශ කළාය.

ඒ අනුව අද පෙරවරුවේ මාළිගාවත්ත ක්‍රීඩා පිටිය ආසන්නයේ ආශ්‍රිතයින් 150 දෙනෙකුගේ ජෛව පටල ලබාගෙන තිබේ. ඊට අමතරව කොළඹ ස්ථාන කිහිපයක ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව ඇය පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ජංගම රසායනාගාරයක් යොදාගනිමින් මෙම පරීක්ෂණ සිදු කෙරෙයි. මෙම පරීක්ෂණය හේතුවෙන් ජෛව පටල ලබාගෙන විනාඩි 15 – 30 ත් අතර කාලයේ දී රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව ඇතිබව වසංගත රෝග වෛද්‍යවේදී දිනුකා ගුරුගේ සඳහන් කරන්නීය.

Leave A Reply

Your email address will not be published.

9 + eight =