අටුලුගම යලිත් හුදෙකලා කරයි – තවත් ගම් 8 ක්

මෙරට කොරෝනා මුල් අවස්ථාවේ අගුලු දැමීමට ලක් කළ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් අටුලුගම ප්‍රදේශයෙන් එකවර කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 17 දෙනෙකු හමුවී ඇති අතර අද පෙරවරුවේ එම ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
මේ වන විට අටුලුගමින් ආසාදිත රෝගීන් 22ක් වාර්තා වන අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයේ සමස්ත රෝගී සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් ඇතැයි එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .

අටුලුගම ඇතුළු ග්‍රාමසේවකවසම්  8 ක් මෙලෙස හුදකලා කර තිබේ.  ඊයේ (20) දිනයේ  අටුලුගම ප්‍රදේශයේ සිදුකළ අහබු පරීක්ෂණයකදී මෙම ආසාධිතයන් 17 දෙනා හදුනා ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.

4 × 5 =