පාපැදි නගරය ඩෙන්මාර්කයේ කොපෙන්හේගන්

1960 දශකයේ ඩෙන්මාර්කයේ ප්‍රධන නඟරවල මෝටර් රථ පවසා සිටියේ වහා තම මාවතෙන් බයිසිකල් ඉවතට ගත යුතු බවයි.
එහෙත් 2017 දී කොපන්හේගන් වීදිවල පාපැදි මෝටර් රථ වලට පවසා සිටින්නේ මෙලෙසය
‘‘ ඔබලා අපේ ලස්සන නගරය ජරා කරනවා ඒ නිසා අපේ මාර්ගයෙන් ඉවත්වෙන්න ‘‘
ඩෙන්මාර්කය මනුස්සයෙක් විදිහට ජීවත්විය හැකි රටවල් අතර ලෝකයේ අංක එකේ රටකි. ඇය මානවහිතවාදීය. මානව හිතකාමීය. ඇය ධනවත්වුයේ කෙසේදැයි යන්න විමසීම පසුව කරමු. දැන් මා ඔබට කියන්න යන්නේ එහි ඇති අගනා බයිසිකල් සංස්කෘතිය ගැනයි.
ඩෙන්මාර්කයේ කොපෙන්හේගන් නුවර පුරවැසියන්ගෙන් බොහෝ දෙනෙකුට මෝටර් රථයක් නැත. එනුවර 50% ක් ජනතාව භාවිතා කරන්නේ පා පැදිය. දිනකට කොපෙන්හේගන් නුවරට ඇතුලුවන පැපැදි සංඛ්‍යාව පනස්දහසකට කිටිටුය. එය නුවරට ඇතුලුවන මෝටර් රථ ප්‍රමාණය ඉක්මවා යයි. මෙි බයිසිකල් සංස්කෘතිය තුලින් ඩෙන්මාර්කය අදහස් කරන්නේ පරිසරයට කාබන් ඩයොක්සයිඩි වායුව එකතුනොකිරීම, මෝටර් රථ නිසා ඇතිවන මාර්ග තදබදය හේතුවෙන් දිනකට නිෂ්පාදන ආර්ථීකයට අහිමිවන පැය ගණන අවම කිරීම, ඉන්ධනවලට නිස්කාරනේ වැයකරන විදේශ විනිමය ඉතිරි කිරීම හරහා ඩෙන්මාර්කයේ සියලු නගර හරිත නගර බවට පත්කිරීමයි. පළමු ආදර්ශය දෙන්නේ එරට දේශපාලකයාය. දේශපාලකයන් ගෙන් 70% ක් පාර්ලිමෙන්තුවට එන්නේ පාපැදිවලය.
උදෑසන 7 වන විට එහි මාර්ගවල ව්‍යාපාරික ටයි කෝටි ඇදුමෙන් සැරසුන පිරිමිද විවිධ විලාසිතාවන්ගෙන් සැරසී වැඩට යන ගැහැණුද, පාසැල් නිල ඇදුමෙන් සැරසුන දරුවෝද පාපැදිවල නැගී සිටිනු දක්නට ලැබෙයි. නගරයේ මොටර්රථයකට ප්‍රථමයෙන් පාපැදියකට සිය ගමානාන්තය කරා පහසුවෙන් ළගා විය හැකිය. Albertslund නාගරික අධිකාරිය පාපැදි කරැවන්ට පමණක් යා හැකි මංතීරැ 26 ක් සහිත අනර්ඝ මහා මාර්ගයක් 2012 කොපෙන්හේගන්වල ඉදි කළේය. එහි දුර කිලෝමීටර් 22 කි. උදාහරණයක් ලෙස එය හෝමාගම සිට කොටුවට ඇති දුර හා සමානය.
කොපෙන්හේගන් මව්වරු සිය දරුවන්ට පාපැදිය පුහුණු කිරීමට පටන්ගන්නේ වයස අවුරැදු 3 සිටය. ඉන් දරැවා හොදින් චලනය වී මාංශ පේශින් වරධනය කර නිරෝගී දරු පරපුරකට උපකාරී කරයි. 1960 දශකයේ ඩෙන්මාර්කයේ ප්‍රධන නගරවල මෝටර් රථ පවසා සිටියේ වහා තම මාවතෙන් බයිසිකල් ඉවතට ගත යුතු බවයි එහෙත් හිතකාමී පරිසරයකට කැමති මිනිසුන් විසින්ද නිකරුනේ දහනය කරවන ඉන්ධනවලට වැයවන විදේශ විනිමය හේතුවෙන් ද 2017 වන විට බයිසකල් විසින් මොටර් රථ වලට මෙසේ කියා ඇත ‘‘ මගේ මාර්ගයෙන් ඉවත් වෙන්න ‘‘ කොපෙන් හේගන් වීදි වල තැනින් තැන මෙවැනි පුවරු සවි කර ඇත.
‘‘ කොපෙන්හේගන් වා තලය බයිසිකල්වලට ආදරය කරයි ‘‘
‘‘ බයිසිකල් නගරයක ජීවත්වන ඔබ වසර 100 කට වඩා ජීවත්වනු ඇත ‘‘
‘‘ විදේශිය අමුත්තනි පා පැදියකින් ඔබ කොපෙන්හේගන් සංචාරය කලොත් ඩෙන්මාර්කයේ අසිරිය ඔබට මුලුමනින්ම දැකිය හැකි බව අපි විශ්වාස කරමු ‘‘
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

3 + 19 =