පේරු –  එක සතියයි ජනාධිපතිවරු තුන් දෙනයි

ෆ්‍රැන්සිස්කෝ සගාස්ති

ගෙවුණු අඟහරුවාදා දිනය(17) වන විට පේරු රාජ්‍ය යේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් ෆ්‍රැන්සිස්කෝ සගාස්ති (Francisco Sagasti) සතියක් තුළ එරට ජනාධිපති පදවියට පත් වූ තුන්වැනියා ලෙස වාර්තාවක් තබා තිබේ. ඔහු ගෙවුණු වසර පහ තුළ පේරු හී සිව්වන ජනාධිපතිවරයා ය. පසුගිය සතියේ 9වන දින එතෙක් එරට ජානධිපතිධුරය දැරූ 57 හැවිරිදි  (Martín Vizcarra) පේරු කොන්ග්‍රස් මණ්ඩලය විසින් ඉවත් කළේ ය. විස්කාරා ජනප්‍රිය ජනාධිපතිවරයෙකු ලෙසයි එරට මාධ්‍ය සලකන්නේ.

මැනුවෙල් මෙරිනෝ

ඔහු වෙනුවට ධුරයට පත් කරනු ලැබුවේ මැනුවෙල් මෙරිනෝ (Manuel Merino)ය. අනතුරුව 59 හැවිරිදි ඔහුද ඉක්මනින් ඉල්ලා අස්විය. ජනාධිපති මාටින් විස්කරාගේ දෝෂාභියෝගයත් සමඟ පසුගිය සඳුදා(16) ආරම්භ වූ විරෝධතා සහ දේශපාලනයේ කුණාටු සහිත සතියක් ඉරිදා අවසන් වූයේ පස් දින ජනාධිපති මැනුවෙල් මෙරිනෝගේ ‘බලහත්කාරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ’ බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට මාස 5ක් තිබියදී දැන් පේරු වෙත නව ජනාධිපතිවරයෙක් පත්ව තිබේ. වත්මන් ජනාධිපති  ෆ්‍රැන්සිස්කෝ සගාස්ති 2021 අප්‍රේල් ජනාධිපතිවරණය දක්වා ධුරය දැරීමට නියමිතව ඇත.

මැනුවෙල් මෙරිනෝගේ ඉවත් වීමත් සමඟ ඊට පසුදින සවස් භාගයේදී, කොන්ග්‍රසයේ දේශපාලන පක්ෂ නවයේ සාමාජිකයින් අවසානයේ එකඟතාවකට පැමිණි අතර, ශක්තිමත් බහුතරයක් අතැතිව ෆ්‍රැන්සිස්කෝ සාගස්ති කොන්ග්‍රසයේ ප්‍රධානියා ලෙස තේරී පත් වූ අතර, එහි ප්‍රතිඵලය ලෙස පේරු ජනරජයේ ජනාධිපති බවටද ඔහු පත් විය.

1990 ජුලි 28 ධුරයට පත්වූ ඇල්බර්ටෝ ෆුජිමෝරි (Alberto Fujimori) ජපානයේ සිට ෆැක්ස් පණිවිඩයක් මඟින් ඉල්ලා අස්වූයේ 2000 නොවැම්බර් 22වෙනිදා ය. දූෂිත අර්බුදයක් මධ්‍යයේ ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි ඉල්ලා අස්වූ විට පසුගිය අර්බුද ගහන වසර ගණනාවම ජනාධිපතිවරු හය දෙනෙකු පසුගිය සතිය දක්වා එරට පාලනය කර තිබුණි.

නොවැම්බර් 17 වෙනිදා පත් කළ ජනාධිපති සාගස්තිට මුලින්ම සුබ පැතූ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමරිකානු රාජ්‍ය සංවිධානය යන ආයතන දෙකම ඉදිරි මාස අට තුළ ඔහුට මුහුණදීමට සිදුවන අර්බුද සහ අභියෝග පිළිබඳව අනතුරු ඇඟවූහ.

ලුයිස් අල්මාග්‍

OAS (Organization of American States) හි මහලේකම් ලුයිස් අල්මාග්‍රෝ (Luis Almagro) පැවසුවේ “මෙම අර්බුදය හරහා සහ 2021 අප්‍රියෙල් 11 වන දින පැවැත්වෙන මීළඟ ජනාධිපති හා කොන්ග්‍රස් මැතිවරණය තෙක් රට මෙහෙයවීමට ඔහුට ඇති හැකියාව කෙරෙහි අපි විශ්වාසය තබමු” යි යනුවෙනි. හිටපු ජනාධිපති මාටින් විස්කරා ද සාගස්ති තෝරා ගැනීම පිළිබඳව සුබ පැතුවේය. “පුද්ගල අවශ්‍යතා සම්බන්ධයෙන් වගකීම පැවරීම ගැන මම සතුටු වෙමි. රට ජීවත් වන දුෂ්කර තත්වයන්ට සහාය දැක්විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඇති කෙනෙකුට පමණි” යි විස්කරා පැවසීය.

Leave A Reply

Your email address will not be published.

sixteen − 8 =