තෙල් මිල වැඩි කිරීම ගැන ඇමතිනිය කියූ බොරුව මාට්ටු

141

ලෝක වෙළඳපොලේ ඉන්ධන වැඩිවීමට සාපේක්ෂව මෙරට ඉන්ධන ලීටරයක් රුපියල් 15 කින් වැඩි කළ යුතු වුවත් ජනතාව පිළිබඳ අවධානය යොමුකර පෙට‍්‍රල් මිල පමණක් රුපියල් 3 කින් පමණක් වැඩි කලේ යැයි මහා මාර්ග හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන ඇමති අනෝමා ගමගේ මහත්මිය සඳහන් කලාය. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩි වී තිබුණ ද පසුගිය මාසයේදී ඉහල නොදැමූ මිලද සමගින් තවත් රුපියල් 15ක් මිල වැඩි කළ යුතුව තිබුණ ද රජය එසේ නොකළ බව ඇය වැඩි දුරටත් පැවසීය.

එහෙත් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලෙහි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. 2019 මැයි 10 දිනයේ දී ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.62 ක් ලෙසින් වාර්තා වූ අතර ඊයේ දිනය වන විට එම අගය වාර්තා වන්නේ ඩොලර් 63.29 ක් වශයෙන් පහල ගොස් තිබිණි. ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා යොදා ගනු ලබන ප්‍රධාන නිර්ණායකය බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය වන  බැවින් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන්වල පහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව වෙළෙඳපොළෙ විශ්ලේෂකයින්ගේ අදහස විය.

මෙවැනි තත්ත්වයක් තිබියදී අනෝමා ගමගේ ඇමතිවරිය හිතා මතාම ජනතාව නොමග යැවීමට කටයුතු කරමින් සිටීම ගැටලු සහගත තත්වයකි.

Previous articleපාර්ලිමේන්තු විශේෂ තේරීම් කරක සභාව නවතන්න පාර්ලිමේන්තු සැසිය අත්හිටුවයි…?
Next articleඉරිදා ලක්බිමත් වසා දමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here