නුවන් වැරදිකරු වෙයි

මේ වනවිටත් තාවකාලික තරග තහනමක් පනවා ඇති ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන්නෙකු වූ නුවන් සොයිසා ක්‍රිකට් දූෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා වැරදිකරු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

මීට වසර දෙකකට පමණ පෙර ICC දූෂණ විරෝධී සංග්‍රහය යටතේ ඔහුට එරෙහිව වූ චෝදනා පිළිබඳව පරීක්ෂණයෙන් අනතුරුවයි මේ බව ප්‍රකාශ කළේ.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරඟාවලියේ “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායමේ පන්දු බල ඇණියේ පුහුණුකරු ලෙස කටයුතු කළේද නුවන් සොයිස යි.

එහිදී සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම් සම්බන්ධයෙන් ‘සැකය’ සොයිසා වෙත එල්ලවී තිබුණි. ඔහුට එරෙහි දඬුවම් ICC ය විසින් ඉදිරි දිනෙක නිවේදනය කිරීමට නියමිතව ඇත.

Leave A Reply

Your email address will not be published.

15 − 10 =