පාර්ලිමේන්තු විශේෂ තේරීම් කරක සභාව නවතන්න පාර්ලිමේන්තු සැසිය අත්හිටුවයි…?

197

පාස්කු ඉරිදා බේා්ම්බ ප්‍රහාරය සහ ඊට අදාළ කටයුතු සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ පාර්ලිමේනතු විශේෂ තේරීම් කාරක සභාව අත්හිටුවීමට ජනාධිපතිවරයා ඉල්ලා සිටියදී එය නොසලකමික් කාරක සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යාමට ගෙන ඇති තීරණය නිසා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් ද පවසා තිබේ. සැසිවාරය කල් දැමූ පසු සියලු කාරක සභාවක් ඇහෝසි වන බවද මන්ත්‍රීවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විනාශ කිරීම සඳහා තොරතුරු එක්රැස් කිරීම සඳහා කුමන්ත්‍රණකාරීව පිහිටුවන ලද්දක් බව මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සදහන් කළේ මීට ප්‍රථමයෙනි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කීරීමට තීරණය කළහොත් එය තවත් දේශපාලන ව්‍යාකූලත්වයක මූලාරම්භයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

Previous articleමේ යෝජනා මාලාව අපේ පැත්තෙන් ආරම්භයක්
Next articleතෙල් මිල වැඩි කිරීම ගැන ඇමතිනිය කියූ බොරුව මාට්ටු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here