කලම්බෝ කිංග්ස් කබීර් අලීට කොවිඩ් 19

හිටපු එංගලන්ත ක්‍රීඩක කබීර් අලී ට කොවිඩ් -19 ආසාදනය වී තිබේ. ඔහු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බෝ කිංග්ස් කණ්ඩාමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම්කර සිටි අයයි. මේ අලුත් තත්වය නිසා ඔහුට LPL තරගාවලිය සඳහා සහභාගීවීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

LPL ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ කිරීමට මේවන විට සැලසුම්කර ඇති අතර තරගාවලියට සහභාගී වන විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මේ වනවිටත් ලංකාවට පැමිණ තිබේ. එහෙත් 39 හැවිරිදි කබීර් අලී ඒ අතරට අයත් නොවේ.

ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කරන්නේ “කබීර් කොවිඩ් – 19 සඳහා පොසිටිව්. දැන් ඔහු LPL තරගාවලියෙන් ඉවත් වේවි. තවමත් කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු කවරුද යන්න පැහැදිලි නැහැ” යි යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.

14 + 12 =