පළමු වසරේ විභාගයෙන් ස’ ෆේල්

ජනාධිපති පත් වී හරියට ම වසරයි. ඒ කියන්නේ, අලුත් ආණ්ඩුවට ද වසරයි. ගෙවුණු අවුරුද්ද තුළ ගෝඨාභය රාජපක්‍ෂ පාස් ද, ෆේල් ද යන ප්‍රශ්නය සාකච්ඡාවට ලක්ව තිබේ. ඔහු ඇතුළු ආණ්ඩුවේ අය කියන්නේ පාස් බව ය. එහෙත්, ඔහුට ඡන්දය දීපු හැටනව ලක්‍ෂයේ බොහෝ අය කියන්නේ, ඔහු ෆේල් බව ය. එය තීරණය වන්නේ ඔහු කියූ දේවල් සහ කළ දේවල් අනුව ය. කොහොම වුණත්, ගෙවිච්ච අවුරුද්දක කාලය තුළ හිතන් හිටපු ගෝඨා නොවෙයි ඉන්නේ යන්න නම් පැහැදිලිව ම ඔප්පු වී අවසන් ය.

අලි සබ්රිගේ පුංචි අම්මාට ම එය වෙනස් කිරීම

නොවැම්බර් දහඅට වැනිදා ජාතිය ඇමතූ කතාවේ ආරම්භය වුණේ, තමන්ට ඡන්දය දුන් බහුතරය සිංහල බව ය. එය ඇත්තකි. ඒ මක් නිසා ද යත්, එදා රට තුළ ඇති කළ ජාතිවාදී මතවාදය නිසා ය. වඳ කොත්තු, වඳ පෙති, වඳ සැත්කම් හරහා මතු කළ ජාතිවාදය නිසා ය. තනි සිංහල නායකයකු අවශ්‍ය යැයි ඡන්දදායකයා තුළ ඇති කළ ජාතිවාදී මතය නිසා ය. එහෙත්, විස්ස සම්මත කරද්දී, ඔහුගේ ලැජ්ජා නහරය කැපී ගොස් ය. කිසිදු හිරිකිතයක්, ලැජ්ජාවක් නැතිව හකීම්ගේ, රිෂාද්ගේ පක්‍ෂවල සහාය ඇතිව විස්ස සම්මත කර ගත්තේ ය.
පහුගිය මාර්තු මාසයේ මතු කළ කොරෝනා නිසා මිය යන මුස්ලිම් අය භූමදානය නොකිරීමේ තීරණය දැන් වෙනස් කර ඇත. බරපතළ ම තත්ත්වය නම්, අලි සබ්රිගේ පුංචි අම්මාට ම එය වෙනස් කිරීම ය. බොරු මුස්ලිම් විරෝධයක් පෙන්වා, ජාතිවාදය අවුස්සා ඡන්ද ගත්ත බව ඡන්දය දුන් අය ම දැන් තේරුම් අරගෙන ය. වසරකින් පස්සෙත් නැවත ජාතිය අමතා අවුස්සන්නේ ඒ ජාතිවාදය ම ය. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව තමන්ගේ බැරිකම, දුර්වලකම වසා ගන්නට ය.

ජාතිය අමතා බොරු කීම

ජාතිය අමතා කිව්වේ, කිසිදු රජයේ සම්පතක්, ඉඩමක් විදේශිකයන්ට නොවිකිණූ බව ය. ආණ්ඩුව පිහිටුවා සති දෙක තුනක් යන්නටත් පෙරාතුව කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය පිටුපස්සේ ඇති අක්කර තුනක ඉඩම දුන්නේ සිංගප්පූරු ප’නියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් ලිමිටඞ් එකට ය. ලැජ්ජා නැතිව එය කැබිනට් එකෙන් ද අනුමත කර ගත්තේ ය. වරාය නැඟෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට සියයට හතළිස්නවයක් දෙන්න කලින් සැලැසුම් කර තිබිණි. ජපානයට දෙන්නේ, ජපානයෙන් ණයක් ගන්න සැලැසුම් කර තිබුණු නිසා ය. ඊයේ පෙරේදා රෝහිත අබේගුණවර්ධන අලුත් කැබිනට් පත්‍රිකාවක් දැම්මේ ය. ඉන් කර ඇත්තේ, ජපානයෙන් ණයක් ගන්නවා වෙනුවට තවත් අයෝජකයෙක් ආදේශ කරනවා යන්න පමණ ය. ඉන් කරන්නේ ද ජැටිය ඉන්දියාවට සහ ඔය කියන අලුත් සමාගමට දීම ය. එහි කිසිදු වෙනසක් නැත.

එක රටක්, එක නීතියක් කියූ ගෝඨාභය කරුණා අම්මාන්ට, පිල්ලෙයන්ට ක්‍රියාත්මක කරන්නේ වෙන නීතියක් ය. පන්දහසක් මරා දැම්මා යැයි ප්‍රසිද්ධියේ කියපු කරුණා අගමැතිගේ කාර්ය මණ්ඩලයේ ය. මිනීමැරුම් චෝදනාවකට සිරගතව ඉන්න පිල්ලෙයාන් විවෘත කිරීමේ උත්සවවලට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල සාකච්ඡාවලට සහභාගී වන්නේ ය. විශේෂ අවසරයක් මත පාර්ලිමේන්තු යන්නට අවසර දීම පිළිගත හැකි ය. එහෙත්, අනෙක් ඒවාට අවසරයක් දිය නොහැකි ය. එනමුත්, ඒවා සිදු වන්නේ එක රටක, එක නීතියක් නිසා ය.

හොරු නිදහස් කර ගන්න බොරු ජනාධිපති කොමිසමක්

අධිකරණවලට බලපෑම් නොකළා යැයි කියන ගමන් ජාත්‍යන්තර පොලිසියෙන් සොයමින් සිටි උදයංග වීරතුංග ඇප දීලා නිදහස් කර ගත්තේ ය. ජාලිය වික්‍රමසූරියලා නිදහස් කර ගත්තේ ය. එපමණක් නොව එදා හොරකම් කරපු හොරු ටික ඔක්කො ම නිදහස් කර ගන්න බොරු ජනාධිපති කොමිසමක් ද දැම්මේ ය. දැන් ඒකෙන් කරන්නේ දේශපාලන පළිගැනීම් යැයි කියමින්, සියලු දෙනා ම නිදහස් කර ගැනීම ය. විස්ස සංශෝධනයෙන් අධිකරණවලට විනිසුරන් පත් කර ගැනීම මුළුමනින් ම තමන්ගේ අතට ගත්තේ ය. දැන් ඒ පුටුවලට පත් කරන්නේ තමන්ට වුවමනා අය ය. දූෂණ චෝදනා තියෙන අය දැනටමත් පත් කර අවසන් ය. අභියාචනාධිකරණයට හෙට අනිද්දා අලුතින් පත් කරන්න යන දහහතර දෙනා තෝරද්දීත්, වැට පැන ඇති බව ආරංචි ය. චොකා මල්ලිට පාර්ලිමේන්තු යන්න බැහැ කියලා නීතිපති පැහැදිලිව කියද්දී, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් කිහිප දෙනකුගේ තීන්දුව වුණේ, පාර්ලිමේන්තු යා හැකි බව ය. ඒවා නිකම් ආවාට ගියාට සිදු වන දේවල් නොවේ ය. කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම වළක්වාලූයේ ද ඔය කියන බලපෑම් නොකරන අධිකරණයෙන් ය. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනාද මීට මොහොතකට පෙර සිල්රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස් කොට තිබේ.

මධුෂ්ට වෙඩි තියපු කල්ලිය හොයා ගන්න තවමත් බැරිවෙලා

ගෙවිච්ච සති දෙක තුන ඇතුළේ සිරගෙවල්වල ඉන්න අය වෙඩි තබා මරා දැමීම ආයේ වැඩි වෙන්නට පටන් අරගෙන ඇත. මධුෂ්ට වෙඩි තැබුවේ තවත් පාතාල කණ්ඩායමක් යැයි ප්‍රචාරය කළේ ය. පාතාලය මැඬලන වැඩකාරයාට මධුෂ්ට වෙඩි තියපු කල්ලිය හොයා ගන්න තවමත් බැරි විය. කල්ලිය දාලා ගිය මෝටර් සයිකලයක් ද පෙන්නුවේ ය. එය ම ප්‍රබල සාක්‍ෂියකි. එහෙත්, තවමත් ඔය කියන කල්ලිය අඩු ම ගාණේ හෙළිදරවු කර ගන්නවත් බැරි විය. සිදු වූයේ කුමක් ද යන්න ඉන් සිතා ගත හැකි ය.

ජාතිය අමතා ණය ගැනීම අඩු කළ බව කී පට්ටපල් බොරුව

ආර්ථිකය පැත්තෙන් ගත්තොත්, අන්තිම ෆේල් ය. ජාතිය අමතන කතාවේ කිව්වේ, ණය ගැනීම අඩු කළ බව ය. එය පට්ටපල් බොරුවකි. පාර්ලිමේන්තුවේ අවසරයක් ද නොමැතිව ණය ගැනීම වැඩි කළේ ය. මේ අවුරුද්දට බිලියන දෙදාහක් අලුතින් ණය ගත්තේ ය. ලබන අවුරුද්දේ තවත් බිලියන තුන්දාහක් ණය ගන්න බව කියන්නේ ය. ඒ කියන්නේ, මේ අවුරුදු දෙකට විතරක් බිලියන පන්දාහක් හෙවත් ටි්‍රලියන පහක් ණය ගන්නේ ය. පහුගිය අවුරුද්ද අවසන් වන විට මුළු ණය ටි්‍රලියන දහතුනකි. එකතුව ටිලියන දහඅටකි. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වීමේ වාසිය ශත පහකින්වත් රටේ ජනතාවට දුන්නේ නැත. ඉන් අරමුදලක් සාදා ජනතාවට සහන දෙන බවට පට්ට බොරුවක් නම් කිව්වේ ය. ආර්ථිකය වැටිලා නැහැ, වර්ධනය වෙනවා යැයි අතේ පත්තු වෙන බොරු කියන්නේ ය.

ගැසට් පහක් ගහලාවත් හාල් මිල අඩු කර ගන්නට බැරි වුණා

මහ බැංකුව ම කියන්නේ, ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් ගන්නා බව ය. මේ අවුරුද්දේ බරපතළ කඩාවැටීමක් සිදුව ඇති බව ය. හාල් මාෆියාව මෙල්ල කරනවා යැයි කියපු ගෝඨාභයට ගැසට් පහක් ගහලාවත් හාල් මිල අඩු කර ගන්නට බැරි වුණේ ය. ඉතිහාසයේ කවදාවත් නැතිව පොල්ගෙඩියටත් ගැසට් ගැහුවේ ය. ඒත්, මිල අඩු කර ගන්නට බැරි වුණේ ය. කහවලට, සීනිවලට ගහපු ගැසට් බැරිකම හොඳට ම ඔප්පු කළ ඒවා ය.

ක්‍ෂ නායකයකු කිසි දවසක අර්බුදවල දී කේන්ති ගන්නේ නැත

කොරෝනා මර්දනය කරලා ලෝකයේ දෙවැනි තැනට පත් වුණා කියලා කයිවාරු ගහලා, අද හොට බිම ඇනගෙන ඉන්නේ ය. දවස ගාණේ මිනිස්සු මැරෙනවා, ලෙඞ්ඩු වැඩි වෙනවා ය. කර ගන්න දෙයක් නැතිව හතරවරම් කියවන්නේ ය. කරන්න පුළුවන් එක ම දෙය මාධ්‍ය ඉස්සරහ කයිවාරු ගැසීම ය. බැරිකම වසා ගන්න ආයෙත් ජාතිවාදය ඇවිස්සීම ය. කර ගන්න ම බැරි වෙලා, මිනිස්සු බනින කොට නිලධාරීන්ට බැණලා කරන්නේ, ඒ කේන්තිය පිට කර ගන්න එක ය. ඒකෙන් ම ඔප්පු වන්නේ හොඳට ම ෆේල් කියන එක ය. දක්‍ෂ නායකයකු කිසි දවසක අර්බුදවල දී කේන්ති ගන්නේ නැත. එවැනි වෙලාවක හොඳ සංයමයෙන් තීරණ ගන්නේ ය. කේන්ති යන්නේ දුර්වලයාට ය. අද සිදු වන්නේ ඒක ය. ගෙවුණු වසරක කාලය තුළ කරපු හැම දෙයකින් ම ෆේල් ය. පාස් යැයි කියන්නට දෙයක් ඇත්තේ ම නැත. බොරු මාධ්‍ය සංදර්ශනවලින් පිම්බුවාට ඇත්ත ගෝඨාභය කවුරුන් ද කියන්න දැන් ජනතාව තේරුම් අරගෙන ඉවර ය. ඒ වැඩ බැරි, ෆේල් ගෝඨාභය කියලා දන්න නිසා ම කවුරුත් කියන්නේ, ස’ ෆේල් බව ය.

Leave A Reply

Your email address will not be published.

12 + eight =