ශක්තික සත්තුමාර සිරගත කිරීම පසුපසත් කුරුණෑගල ඩී.අයි.ජී.?

ෆේස් බුක් සමාජ මාධ්‍ය හරහා කෙටි කතාවක් පල කිරීම නිසා බුද්ධාගමට අපහාසයක් සිදු වූයේ යයි කියමින් ශක්තික සත්කුමරා බන්ධනාගාරගත කිරීමේ සිදුවීමටත් කුරුණෑගල ඩීඅයිජී කිත්සිරි ජයලත්ගේ සම්බන්ධයක් ඇති බව හෙළි වී තිබේ. 

ඊට හේතුව අදාළ ලේඛකයාට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගත නොහැකි වන පරිදි, එනම් මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරගන්නා තෙක් මාස දෙකකට අධික කාලයක් අනිවාර්යෙයෙන්ම රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට සිදුවන පරිදි අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේ ( ICCPR ) චෝදනා ගොනු කරන ලෙස උපදෙස් ලබාදී ඇත්තේ කිත්සිරි ජයලත් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වීමයි.

මෙම සිදුවීමට අදාළව සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ හැකිව තිබියදී මෙම විශේෂ පනත යටතේ චෝදනා ගොනු කිරීම වැරදි බව අධිකරණය ද පිළිගෙන තිබේ. එහෙත් ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති නිසා ශක්තික සත්කුමාරට පසුගිය අප්‍රේල් 01 වනදා සිට මේ දක්වාම රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට සිදුව තිබේ. 


Leave A Reply

Your email address will not be published.

sixteen − 4 =