ජනාධිපතිගෙන් වැඩක් වුණෙත් නැහැ – අසාද් සාලි තේරීම් කාරක සභාවේදී කියයි

සහාරන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් අවස්ථා තුනකදී ජනාධිපතිවරයාව දැනුවත් කළද ඉන් පලක් නොවුණ බව පාර්ලිමේල්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් අසාද් සාලි පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ‘ජනාධිපතිවරයාට සමීපතම අයෙකු ලෙස කටයුතු කළ ඔබ වැනි තැනැත්තෙකු පැවසූ දෙයක් හෝ ජනාධිපතිවරයා විසින් අවධානයට නොගත්තේදැයි’ කමිටු සාමාජික හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි. 

අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා විසින් තමන් පැවසූ කාරණය සටහන් කර ගත් අතර තුන්වන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට දුරකථනයෙන් කතාකර පැවසූ නමුත් එය කෙටි දුරකථන සංවාදයකට සීමා වූ බවයි සාලි මහතා කියාසිටියේ. 

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ පටන් තමන් සහරාන් හෂීම් ගැන තොරතුරු ලබාදුන් අතර 21 ප්‍රහාරයට සතියකට පමණ පෙර හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු තමන් ඇතුළු කිහිප දෙනෙක් ගෙන්වා මෙම ප්‍රශ්නයට සවන් දුන් බව ද ඔහු සඳහන් කළේය.

21 ප්‍රහාරයේ අවධානම සමබන්ධයෙන් ප්‍රභූ ආරක්ෂක අංශයවෙත ලැබුණු ලිපියේ තිබූ නම්ගම් ඇතුළු විස්තර සම්බන්ධයෙන් තමන් මීට පෙරම තොරතුරු ලබා දුන් නමුත්  ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකිරීම සම්බන්ධයෙන් තමන් ඒ මොහොතේම ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙත දුරකථනයෙන් පැවසූ බවද අසාද් සාලි ප්‍රකාශ කළේය. 

Leave A Reply

Your email address will not be published.

four × two =