ඥානසාර හිමි රට හැර යාමේ සූදානමක…!

297

පසුගියදා ජනපති සමාව හිමිවූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වසර කිහිපයකට රටින් බැහැරව සිටීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ ජපානයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගි වීම සඳහාය.

එම වැඩමුළුව සඳහා සහභාගි වීමට අවශ්‍ය බව පවසා ඒ සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයේ පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසට නීතිඥවරයා පසුගිය 07 වෙනිදා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව රාජගිරිය නාවල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් නිලධාරියකුට අසභ්‍ය වචනයෙන් බැන වැදී රාජකාරියට බාධාකිරීම යන චෝදනා මත සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවක්ද ලැබ සිටින  ඥානසාර හිමියන්ට පනවා තිබූ විදේශ ගමන් තහනම් නියෝගය තාවකාලිකව අත්හිටුවන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය පසුගිය 7 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නියෝග කළාය.

මෙම වැඩමුළුව සඳහා 2018 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළ සහභාගි වීම සඳහා ජපන් රජය මඟින් අවසර පත්‍රයක් ලබාදී ඇති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා අධිකරණයේ ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව ඉදිරියේදී උන් වහන්සේ කලකට විදෙස් ගතවනු ඇති බවත් වාර්තා වේ. 

Previous articleඅයි.එස්. ගැන ඉන්දියාවෙන් තවත් අනතුරු ඇඟවීමක්
Next articleජනාධිපතිගෙන් වැඩක් වුණෙත් නැහැ – අසාද් සාලි තේරීම් කාරක සභාවේදී කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here