අල්ලස් ගත් වරකාපොළ සභාපතිත් ජනාධිපති සමාවෙන් නිදහස්

533

අල්ලස් චෝදනාවකට වරදකරුවී වසර 18ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියමවී සිටි වරකාපොළ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ.

වරකාපොළ ප්‍රදේශයේ මාර්ග තුනක් ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 25,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් මහාධිකරණයෙන් නියම කළ දඬුවම අභියාචනාධිකරණය විසින්ද තහවුරු කොට තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල යටතේ අදාළ සභාපතිවරයා මෙලෙස නිදහස් කොට ඇත.

මීට වසර 23කට පෙර සිදුකළ වරදක් සම්බන්ධයෙන් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියමවී සිටියදී ජනාධිපති සමාව යටතේ මෙලෙස නිදහස් කොට ඇත්තේ වරකාපොළ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කොට ඇති දැදිගම නෙළුම්දෙණියේ  පදිංචි මාකේවිටගේ ලක්‍ෂමන් පතිරාජ සමරසිංහ නමැත්තෙකි.

අභියාචනාධිකරණයේ තීන්දුව කියවා දීම සඳහා මෙම නඩුව උපගොනුවක් මඟින් කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු ලේඛණ සහිත ගොනුවක්ද රැගෙන විත්ති කූඩුවට ගොඩ විය. ඒ අවස්ථාව වන විටත් විත්තිකරුට ජනාධිපති සමාව ලැබී ඇති බව සඳහන් ලිපියක් අධිකරණ අමාත්‍යංශය විසින් කොළඹ මහාධිකරණයේ ලේඛාධිකාරීවරයාට එවා තිබු අතර එම ලිපිය නඩු ගොනුවේ ඇතුලත් විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (ඇ) යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල මත විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කොට ඇති හෙයින් ඒ අනුව කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍යංශය විසින් එවා තිබු ලිපියේ සඳහන්ව තිබු අතර ඒ අනුව විත්තිකරුට ජනාධිපති සමාව ලැබී ඇති හෙයින් ඒ අනුව ඔහු මුදා හැරීමට විනිසුරුවරයා පියවර ගත්තේය.

Previous articleගෝඨා ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ඝාතනය කරවූ හැටි..!
Next articleදූෂණය කිරීම නැරඹීමට දකුණු සුඩාන දරුවන්ට බලපෑම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here