පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාවත් ජනපති අතේ

98

පාස්කු ඉරිදා පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනපති වෙත බාර දී තිබේ. ඒ අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදීය.

ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීමට පසුගිය අප්‍රේල් 22 වනදා ජනාධිපතිවරයා විසින් මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ විසින් මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර පරික්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

Previous articleලංගම සේවකයින් පිරිසක් සිරිකොත ඉදිරිපිට විරෝධතාවයක
Next articleගෝඨා ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ඝාතනය කරවූ හැටි..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here