ජාතික සේවක සංගමයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවකයින් පිරිසක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය.
තම උසස්වීම් පිරිනැමුනද, ඊට සරිලස අයුරින් වැටුප් වැඩිවීමක් සිදුනොවීම විරෝධතාවට හේතුවී තිබුණි.
විරෝධතාවයේ නිරත පිරිස ගැටලුවට විසඳුම් ලැබෙන තුරු සිරිකොත පක්ෂ මූලස්ථාන පරිශ්රයෙන් ඉවත්ව නොයන බවට ප්රකාශ කරමින් තවදුරටත් එහි රැඳී සිටියි.