බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වූ අසාද් සාලිට මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්රබල රටක ශ්රී ලංකා තානාපති ධුරයක් යෝජනා කළ ද අසාද් සාලි විසින් එම යෝජනාව ප්රතික්ෂේප කර ඇත. මේ අතර ජනාධිපතිවරයා විසින් තමන්ට එළඹෙන 16 වන දින විදේශ සංචාරයක් සඳහා කළ යෝජනාව ද තමන් විසින් ප්රතික්ෂේප කළ බව අසාද් සාලි පවසයි.
අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් දෙදෙනො සහ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඉල්ලා අස් විය යුතු බවට අතුරලියේ රතන හිමිනයන් කළ උපවාසය නිසා මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා සහ ආණ්ඩුව නියෝජනයක කළ සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස් වූයේ පසුගිය ජුනි 03 වන දිනයේදීය. ඒ ඔවුන්ට ඇති චෝදනා වලට පරීක්ෂණ කිරීමට මාසයක කාලයක් ලබා දෙමිනි.