මුස්ලිම් ප්‍රජාවට එරෙහිව එල්ල වූ සිදුවීම් ගැන විග්නේශ්වරන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

76

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු වූ සිදුවිම් පිළිබදව කරුණු සොයා බැලීමට තමන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ නායක සී.වී.විග්නේශ්වරන් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ යාපනයේදී සිය දේශපාලන ක්‍රියාකාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.

රට තුළ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියාවක් පදනම් කරගෙන ජාතිවාදය කරපින්නා ගත් පිරිසක් මුස්ලිම් ජනයාගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වශයෙන් සියලු දෙනාම දැකිය යුතු බවද මුස්ලිම් ජනතාව යනු මේ රටේම ජන කොටසක් වූවත් කිසිදු හේතුවක් නොමැතිව ඔවුන්ට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ පවත්නා වලංගු නීතියට පටහැනිව බොහෝ අසාධාරණකම් සිදු වූ නිසා තමන් ඊට ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ තම පක්ෂය හරහා බවද විග්නේස්වරන් මෙහිදී කියා සිටියේය.

මුස්ලිම් ජනතාව දෙමළ ජනතාවගේ සහෝදර ජන කොට්ඨාශයක් වශයෙන් සලකා තමන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ඇතුළු ලෝකයේ රටවල් හා සංවිධාන කීපයකට ලිපියක් යැවීමට සැලසුම් කොට ඇති බවත් ඒ මගින් මේ ජාත්‍යන්තර පරීක්ෂණය ඉල්ලා සිටින බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

Previous articleදළදා පෙරහැරේදීත් යමක් සිදු විය හැකියි – මල්වතු අනු නා හිමි කියයි
Next articleජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here