Face Book මුලස්ථානය ඉදිරිපිට විරෝධතා

පසුගිය ජුනි 04 වැනි දින ෆේස්බුක් සමාජ ජාලයට අප්‍රසාදය පළ කරමින් එක්සත් ජනපදයේ නිව්යෝක්හි පිහිටි ෆේස්බුක් මුලස්ථානය ඉදිරිපිට නිරුවත් විරෝධතාවයක් පැවැත්විණි. ඒ ” #WeTheNipple නම් සංවිධානය විසිනි.

මෙම විරෝධයට කාන්තා සහ පුරුෂ පක්ෂය 100 ක් සහභාගී වු බව ජනමාධ්‍ය ආයතන වාර්තා කර තිබේ. මෙම වි‍‍රෝධතාවයට ප්‍රධාන හේතුව ස්ත්‍රී නිරුවත කලාත්මක අංගයක් සේ ප්‍රදර්ශනය කරන ඡායාරූප FB සමාජ ජාලයේ නීති රීතිවලට එකග නැති නිසා ඒවා ඉවත් කර එය පලකළ තැනත්තාගේ ගිනුම අක්‍රිය කි‍රීමයි. ලොව කලාකරුවන්‍‍ගේ ජනප්‍රියතම වෙිදිකාව මෙි වනවිට FB සමාජ ජාලය හා Instagram සමාජ ජාලයයි. එ‍හිදි ඔවුහු සිය නිර්මාණයන් වෙනුවෙන් නිරුවත්ව පෙනී සිට එකී නිර්මාණ සමාජ ජාල වලට එක්කරති. FB සමාජ ජාලය එකී ඡායාරූප වාරණයට ලක්කරති. මෙම වාරණයට එ‍‍රෙහිව එක්සත් ජනපදයේ ඡායාරූප ශිල්පීයෙක් හා කලාකරුවෙක් වන Spencer Tunick පෙරමුණ ගෙන තිබිණි.
ඔවුහු ඉල්ලා සිටින්නේ මෙම වැරදි සහගත ප්‍රතිපත්ති ඉවත දා 
චිත්‍ර ශිල්පීන්, ඉතිහාසඥයින්, කර්තෘවරුන් හා කලාකරුවන් වැනි ගෝලීය පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව FB සමාජ ජාල අඩවිය වඩා ඉදිරිගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය යන්නය. 

Leave A Reply

Your email address will not be published.

11 − 9 =