කුරුණෑගල ඩී.අයි.ජී.ට ඇති චෝදනා තුනකට පරීක්ෂණ

රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ, සිංහල කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කර ඇතැයි මුස්ලිම් ජාතික වෛද්‍යවරයකුට චෝදනා කරමින් පුවතක් නිර්මාණය කර රට ගිනි තැබීමට කටයුතු කළ කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ට එරෙහිව මේ වන විට බරපතල චෝදනා තුනක් එල්ලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

1- ජාතිවාදී කලබලයක් ඇතිවිය හැකි තොරතුරක් වැඩබලන පොලිපතිවරයා දැනුවත් නොකොට මාධ්‍යයට ලබාදීම  

2- හිතාමතාම ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමට ආධාර අනුබලදීම මෙසේ ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා දෙකයි.

ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් සොයා යාමේ ප්‍රමුඛ කාර්යය පසෙකලා, නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් විසින් නිර්මාණය කරන ලද බරපතල පුවතට අදාළ කරුණු සොයා බැලීමට විශාල පොලිස් බළඇණියක් යෙදවීමට සිදුවී ඇති අතර හා ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවී ඇත. ඒ හරහා පොලිසිය නොමග යැවීමක් සිදු කර ඇති බවට ද චෝදනා වන අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Leave A Reply

Your email address will not be published.

19 − 14 =