නයිල් නදියෙන් සිරුරු හතළිහක් ගොඩ ගනියි

182

සුඩානයේ ආරක්ෂ අංශ සහ විපක්ෂ විරෝධතාකරුවන් අතර ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් එරට තුළ දේශපාලනික අර්බුදයක් නිර්මාණය වී තිබේ. විපක්ෂයට සම්බන්ධ වෛද්‍යවරුන් බදාදා (ජූනි 05) පැවසුවේ, සුඩානයේ කාටූම් අගනුවර පැවති ප්‍රජාතන්ත්‍ර හිතවාදී උද්ඝෝෂණ අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ඝාතනය වී ඇති බවය. නයිල් නදියේ තිබී මළ සිරුරු 40ක් ගොඩගත් බව ඔවුහු පැවසූහ.

කෙසේ වෙතත්, එම සංඛ්‍යා ලේඛන ප්‍රතික්ෂේප කරමින් එරට බලධාරියෙකු පැවසුවේ ජීවිතක්ෂයට පත් පිරිස 46 දෙනෙකුට ආසන්න බවය.

මේ සම්බන්ධයෙන් සුඩාන පාලකයින් කිසිදු අදහසක් පළ කර නොතිබූ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාළ නිලධාරියා එම ඝාතන සංඛ්‍යාව 46ක් බවට බ්‍රහස්පතින්දා (ජූනි 06) තහවුරු කළේය.

අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස සුඩානයේ ආරක්ෂක කවුන්සිලය කර ඇති යෝජනාව විපක්ෂ ක්‍රියාකාරීන් ප්‍රතික්ෂේප කර ඇත්තේ, විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී මර්දනයක් ක්‍රියාත්මක වන පරිසරයක් තුළ ආරක්ෂක කවුන්සිලය විශ්වාස කළ නොහැකි බව පවසමිනි.

BBC

Previous articleආරක්ෂක මණ්ඩලය නෙමෙයි කැබිනට් මණ්ඩලය කැඳවන්නෙත් නෑ – ජනාධිපති කියයි
Next articleජලවිදුලි බලාගාරයට එරෙහි වූ වරදට ප්‍රතිවාදියාගේ පුතා අයි.එස්. ත්‍රස්තයෙකු කළ හැටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here