මාකඳුරේ මදුෂ් හැමදාම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට කතා කරලා

“මා ආරක්ෂක ලේකම්වරයා ලෙස වැඩ භාර ගත්තට පස්සේ ආරක්ෂක කවුන්සිලය හතර වතාවක් රැස් වෙලා තියෙනවා. මේ රැස්වීමට නියෝගය දෙන්නේ ජනාධිපති තුමා. මේ හතරටම ලැබුණේ ඉතාමත් කෙටි නියෝග. සමහර වෙලාවට උදේ කියනවා හැන්දෑවට මේක තියන්න කියල.” ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මෙසේ කියා සිටියේ පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ බ්‍රහස්පතින්දා (ජුනි 06) ප්‍රකාශයක් ලබා දෙමිනි.

“පළමුවැනි රැස්වීමේදී ම මම ඇහුවා ජනාධිපති තුමනි ඇයි අපි මේක අගමැති තුමාට කියන්නේ නැත්තේ කියල. එතකොට කිව්වා, නෑ … නෑ .. කියන්න ඕන නැහැ. මං කියන දේ කරන්න කියල.” යනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා තවදුරටත් පැවසීය.

ප්‍රහාරයට පෙර පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීම් හතරේ ම ජාතික ආරක්ෂාව ගැන හෝ තවුහිද් ජමාත් සංවිධානය ගැන කතා කෙරුණු බවක් තමන්ට මතකයට නොඑන නමුත් “මාකඳුරේ මධුෂ් ගැන නම් හැමදාම කතා” කළ බව ඔහු පැවසීය.

Leave A Reply

Your email address will not be published.

18 − seven =