බ්‍රිතාන්‍යයේ ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණ රැල්ලක්

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර කිහිපයක ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරයට විරෝධය දක්වමින් මහ පරිමාණ උද්ඝෝෂණ සංවිධානය කර තිබේ. ඉන් එක් උද්ඝෝෂණයක් ට්‍රැෆල්ගා චතුරශ්‍රයේ පැවැත් වේ. කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ද ලන්ඩන් නගරයේ පැවැත්වෙන එම විරෝධතා රැළිය ඇමතීමට නියමිත බව වාර්තා වේ.

ට්‍රම්ප් විරෝධී රැළිය පැවැත්වෙන ස්ථානය සැණකෙළි ස්වරුපයක් ගෙන ඇති අතර එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර කර ඇත. ඇතැම් පිරිස් “ඔහුව හිර කරනු” යනුවෙන් දැක්වෙන පුවරු දරාගෙන සිටින අතර ඇතැමෙක් “ට්‍රම්ප් ලෝකෙටම අනතුරක්” යනුවෙන් දැක්වෙන පුවරු දරා සිටියහ.

ලන්ඩන් හි පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වනවිරෝධතාකරුවන් පවසන්නේ ට්‍රම්ප්ගේ අදහස් නිසා, “ලොව අස්ථාවර වීමක් සහ බෙදීමක් සිදුවන” බවය.

BBC

Leave A Reply

Your email address will not be published.

1 + 1 =