රාමසාන් උපවාසය අවසන් කළ මුස්ලිම්වරු අයි.එස්ට විරෝධය දක්වති

74

රාමසාන් උපවාසය අවසන් කළ මුස්ලිම් ජාතිකයින් සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටට එක්වි අයි. එස් .අයි.එස් ත්‍රස්තයන්ට සිය විරෝධය දැක්වීය. රාමසාන් උපවාසය අවසන් කරමින් අද (5) දින සංඝට්ටිකුලම මුස්ලිම් ජාතිකයින් තම බිරිඳන්, දරුවන් හා ඥාතින් එක්වි අයි. එස් ත්‍රස්තවාදීන්ට විරෝධය දක්වමින් දැඩි විරෝධයක් පැවේ “මුස්ලිම් අපි එයි.එස් නොවෙයි, අපි ශ්‍රී ලාංකික සහෝදරයින්” යැයි පවසමිනි.

මෙම විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවති අතර ඉන්පසුව ආණමඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි වඩත්ත සෝමානන්ද හිමියන් වැඩම කරවා ධර්ම දේශනාවක්ද පවත්වා අටපිරිකර  පුජා කිරිමද සිදුවිනි.

මෙහිදි අදහස් දක්වමින් සිටි සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානයේ මොහොමඩ් අසිස් මව්ලවි තුමන් පවසා සිටියේ “අපි හරිම කම්පා වුණා අප්‍රේල් 21 අයි එස් ප්‍රහාරය ගැන . ‍අද වනවිට මේ අයි එස් ත්‍රස්තවාදින් කරපු කාලකන්නි ප්‍රහාරය නිසා සමස්ථ මුස්ලිම් ජාතියට කරපු අවමානයක් ලෙසයි අපි දකින්නේ. මේ ප්‍රහාරය නිසා අපේ පිරිස් ගැන වපර ඇසින් බලන්න පුරුදු වුණා . මේ නිසා අපි අසරණ වුණා.  අපිට කියන්න උවමනා අපි එදත් අදත් හෙටත් අයි.එස් ත්‍රස්තවාදින්ට විරුද්ධයි කියලා” යැයි  ඔහු පැවසිය.

Previous articleජනාධිපතිවරණයට තරග කරන්නෙත් නෑ.. මහින්දට සහාය දෙන්නෙත් නෑ.. ජනපති කියයි
Next articleළමා අපයෝජක හිමිනමක් පන්සල් තහනමේ පෙරමුණේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here