රතන හාමුදුරුවන්ට තියෙන්නේ වෙන ඇජෙන්ඩා එකක් – ඥානසාර හිමි කියයි

538

අතුරලියේ රතන හිමියන් කළ උපවාසය නිසා අර්බුද රැසක් නිර්මාණය වී ඇති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. කිසිවෙකු සමග සාකච්ඡාවකින් තොරව රතන හිමියන් මේ උපවාසයට අවතීර්ණ වූ බවත් අවසානයේ නුවර සිට පා ගමනක් එන්නට තමන්ට සිදු වූයේ ද එසේ ඇති වූ අර්බුදයේම ප්‍රතිඵලයක් නිසා බවත් ඥානසාර හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (04) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙවැනි උපවාසයක් කිරීමට අවශ්‍ය වූයේනම් බෝම්බ ප්‍රහාරය සිදු වී සතියක් දෙකක් තුළ රතන හිමියන්ට එය කළ හැකිව තිබූ බවත් එසේ නොමැතිව හදිසියේ මෙවැන්නක් සංවිධානය වූයේ වෙනත් න්‍යායපත්‍රයක් තිබෙන නිසා බවත් පවසන ඥානසාර හිමියන් මින් ඉදිරියට ක්‍රියාත්මක වන්නේ තමන්ගේ න්‍යායපත්‍රය පමණක් බවත් වැඩි දුරටත් කියා සිටියේය.

Previous articleරිෂාඩ්, සාලි සහ හිස්බුල්ලා ගැන පැමිණිලි ගන්න පොලිස් මූලස්ථානයේ විශේෂ කමිටුවක්
Next articleමුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන ඉස්ලාමීය රාජ්‍යයන්ගේ නියෝජිතයන්ගෙන් නිවේදනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here