ඥානසාර හිමි තොරතුරු දුන් කතාව බොරුවක් – ජාතික බුද්ධි අංශ ප්‍රධානියා කියයි

371

අන්තවාදී ඉස්ලාම් සංවිධාන පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝ වෙනත් කිසිවකු තමන්ට කිසිඳු තොරතුරක් ලබා නොදුන් බව ජාතික බුද්ධි අංශ ප්‍රධානියා පවසයි.

250 කට වැඩි පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා (අප්‍රේල් 21) දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බදාදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අතර එහිදී ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් සාක්ෂි ලබාදෙමින් මේබව කියා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී බුද්ධි අංශ දැනුවත් කළ බවට බොදු බල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙන්ම මුස්ලිම් මවුලවිවරුන් ද සිදු කළ ප්‍රකාශ ගෙන හැර දක්වමින් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් පැවසුවේ ඒ කිසිදු තොරතුරක් තමන්ට නොලැබුණු බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස තවදුරටත් මේ ගැන ප්‍රශ්න කරමින් විමසුවේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහ්රාන් හෂීම් පිළිබඳව සහ ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බවට සිදු කරන ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යංශය හෝ ආරක්ෂක ලේකම්වරයා ප්‍රතික්ෂේප කර නොමැති බවය.

“මමත් පත්තරවලින් දැක්කා. නමුත් මට කිසි කෙනෙක් මේ ගැන කියලා නැහැ. ඔවුන් කියන්නේ බලධාරීන්ට දැනුම් දුන්නා කියලා. ඒ ගැන ඊට එහා විග්‍රහයක් කර නැහැ,” යන්න ජාතික බුද්ධි අංශ ප්‍රධානියාගේ පිළිතුර විය.

Previous articleකලබල අස්සේ වධක පුහුණුවක්
Next articleරිෂාඩ්, සාලි සහ හිස්බුල්ලා ගැන පැමිණිලි ගන්න පොලිස් මූලස්ථානයේ විශේෂ කමිටුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here